වර්තමානයේ විපක්ෂය යැයි හඳුන්වාගන්නා දෙමල ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම වැනි විකෘතියක් ශ්රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදාක අත් දැක නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා විශේෂ ළිපියක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන සහ යහපාලනය විවේචනය කරන එක්බද්ධ විපක්ෂයට නොව ආණ්ඩුවට පක්ෂ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන විපක්ෂය ලෙසින් සැළකීම පිලිබඳ මහින්ද රාජපක්ෂ මහතා වත්මන් කතානායකවරයා විවේචනය කරයි.
එහිදී රාජක්ෂ මහතා දක්වා ඇත්තේ, "මේ රටේ යහපාලන ආණ්ඩුවක් මෙන්ම යහපාලන විපක්ෂයක්ද තිබේ. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එජාප කතානායකවරයා මන්ත්රීවරුන් 50කට වඩා සිටි ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂයේ කොටසක් හැටියට පිළිනොගෙන, මන්ත්රීවරුන් 16 ක් සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම පිරිනැමුවේය. මන්ත්රීවරුන් 6ක් සිටිනජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්රධානසංවිධායක තනතුර ලැබුණේය. මේ අනුව සෑම වසරකම යහපාලන ආණ්ඩුවේ අයවැයට විරුද්ධව ඡන්දය දෙමින්, පාර්ලිමේන්තුව ඇතුළෙත්, පිටතත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ඒකාබද්ධවිපක්ෂය, විපක්ෂයේ කොටසක් නොවන ලෙසත්, සෑම වසරකම යහපාලන අයවැයට පක්ෂව ඡන්දය දෙමින් පාර්ලිමේන්තුව ඇතුලේත් පිටතත් ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන දෙමල ජාතික සන්ධානය ප්රධාන විපක්ෂය හැටියටත් යූ.එන්.පී කතානායකවරයා විසින් සලකනු ලබයි. මෙවැනි විකෘත්තියක් ශ්රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදාක අපි අත්දැක නැත." යනුවෙනි.
එම සම්පූර්ණ ළිපිය පහතින්,