වෛරය, දේශපාලය කළ යුත්තේ තමා සමග බවත් තම දරුවන් හෝ සංචර්ධන ව්‍යාපෘති ඒ සඳහා පළිනොවන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. වීරවිල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"වෛරය, දේශපාලනය තියෙන්න ඕන මාත් එක්ක විතරයි. වැඩ පළිත් නෑ. අපේ දරුවෝ පළිත් නෑ. ව්‍යාපෘති වලින් පළිගැනීම මුළු රටේම ආර්ථිකයට පාඩුවක්. හැමෝම ගිහින් මුල් ගල් තියන්න විතරක් කටයුතු කරනවා. රටක් සංවර්ධනය කරන්න මේ වැඩ කෙරෙන්න ඕනා. ඒවා නතර කරලා තව අවුරුද්දකට පස්සේ හදාලා මගේ වැඩක් කියලා කිව්වට වැඩක් නෑ. මොකද ජනතාවා දන්නවා මේ කාගේ වැඩද කියල. ජනමාධ්‍ය මර්ධනය කරනවා. බිය වද්දනව , හාමුදුරුවරු අත්අඩංගුවට ගන්නවා,රණවිරුවන් අත්අඩංගුවට ගන්නවා. කොටි එළියට දානවා. මේ වැඩ පිළිවෙල දිගින් දිගටම කරාවි"