වත්මන් ආණ්ඩුව කටයුතු කරනුයේ කුඩා දරුවන් සෙල්ලම් ගෙදරක් පවත්වාගෙන යන ආකාරයෙන් බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
මේ හේතුවෙන් වත්මන් ආණ්ඩුවේ නායකයන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ සූප්පුව ලකුණින් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සෙල්ලම් ගෙදර එක් සාමාජිකයෙකු තරහ වූ විට අනෙකුත් සාමාජිකයන් ඔහුව සනසන ආකාරයෙන් ජනාධිපතිවරයා සැනසීමට අගමැතිවරයාට සිදුව ඇති බවයි.