විධායක ජනාධිපතිධුරය විවිධ පුද්ගලයින්ට අවශ්‍ය ලෙස හැසිරවීමට ඉඩ නොතබන්න යැයි තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හික්කඩුව සිනිගම දේවාලයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඊයේ (10දා) පැවසිය.
එසේම බොරු ප්‍රචාර යවමින් මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත්කරන බවත්, එය උඩ සිටින දෙවියන් බලාගනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
"මම කොයි තනතූරක්වත් ඉල්ලූවේ නැහැ, ඉල්ලන්නෙත් නැහැ, තනතූරු ජනතාවගෙන් ඉල්ලන දෙයක්. මෙ අය කියනවා මට රටවල් හතරක බැංකුවල බිලියන (ඩොලර්) 18ක සල්ලි තියෙනවා කියලා. මංගල සමරවීරට මම කියනවා ඔය සල්ලි හොයාගෙන ඇවිල්ලා මෙ දේවාලයට ගොඩනැගිල්ලක් හදලා දෙවියන්ට පුජා කරන්න කියලා. බොරු කියලා පච කියලා මඩ ගහන්න හදන්නේ මෙවා උඩ ඉන්න දෙවියන් බලාගනිවි.
යහපාලනය ඉතා දරුණු ලෙස තියෙනවා වාස් (සජින් වාස්) ගනිවි. තවත් සතියකින් තවත් කෙනෙක් ගනිවි. ගෝඨාභය ගනීවි. ජනවාරි 09 වැනිදා ගිණි අව්වේ පොළිම්වල සිට ජනතාව ඇවිත් මාව හමුවුණා. මට හිතූනා මා විසින් වියදම් කරගෙන පන්සල්වලට දේවාලවලට ඇවිත් ජනතාව හමුවන්න. ඇත්තටම මෙ දවස්වල ජිවත්වන්නේ පන්සලවල දේවාලවල." යැයි ඔහු පැවැසීය.
ජිනේෂ් නානායක්කාර /රවිදු දියගහගේ /රවින්ද්‍ර ශි්රලාල්