මෙවර සිරිපා වන්දනාව පරිසර හිතකාමීයි
මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2017-2018) පරිසර හිතකාමී ලෙස සිදුවූ බව ශ්‍රීපාද ස්ථානාධිපති, සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ, ඊයේ (30දා) දිනයෙන් අවසන් වූ මෙවර ශ්‍රීපාද වන්දනා සමය සම්බන්ධයෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ මාධ්‍යය හමුවකදීය.
රජයේ මැදිහත්වීමෙන් වන්දනාකරුවන් දැනුවත් කිරීම හේතුවෙන් ශ්‍රීපාද පරිසරය පද්ධතිය මෙවර සැලකිය යුතු ආකාරයකින් රැකගෙන ශ්‍රීපාද වන්දනා සමය පවත්වා අවසන් කිරීමට හැකිවූ බව උන්වහන්සේ පවසා සිටියහ.
ශ්‍රීපාද අවාරයේදී ශ්‍රීපාදය කරුණා නොකරන ලෙසටත්, එසේ ශ්‍රීපාදය කරුණා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අදාළ අංශ වෙතින් අවසර ලබාගෙන ශ්‍රීපාදය කරුණා කරන ලෙසත් ශ්‍රීපාද ස්ථානාධිපති හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    
 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                