කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ වාර්තා පෙන්වා දෙන පරිදි මෙම වසර තුළ මේ වන විට අඹ ගෙඩි මිලියන 300 ඉක්ම වූ වාර්තාගත අඹ අස්වැන්නක් ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව අඹගෙඩි මිලියන 200ක පමණ අස්වැන්නක් ලැබෙන අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය යටතේ අඹ සැකසුම් කලාප 08ක් මේ වන විට පිහිටුවා ඇත.
යාපනය, අනුරාධපුර, අම්පාර, මහනුවර බෝගහකන්ද සහ පේරාදෙණිය, වැල්ලවාය වැනි ප්‍රදේශ කිහිපයක ස්ථාපිතව ඇති මෙම අඹ සැකසුම් කලාපයන්හි දිනකට ඉදවා සකස් කෙරෙන අඹ ප්‍රමාණය අඹගෙඩි මිලියන 15කි.