නකල්ස් රක්ෂීතයට යාබදව පිහිටි මොරැල්ල අධි සංවේදී වනාන්තර කොටසට කැළිකසළ බැහැර කිරීම නිසා පරිසර ගැටලු රාශියක් ඇතිවී තිබෙන බව පරිසර සංවිධාන සඳහන් කරයි.
කුකුළ්ධරය හා හුළු ගඟේ ජල පෝෂක පිහිටා තිබෙන මෙම පරිසර කලාප තුළය. ශාක විශේෂ 200ක් හා ක්ෂීරපායී විශේෂ 13ක් පක්ෂී විශේෂ 65ක් උරග විශේෂ 28ක් සමනල විශේෂ 52ක් වාර්තා වන බවද දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සඳහන් කළේය.
මෙලෙස බැහැර කරන කැළිකසළවලට යම් යම් අවස්ථාවල ගිනි තැබීම්ද සිදුකරණ බවද සංගමයේ සභාපති අනික් නසිර් මහතා ප්රකාශ කළේය.