මෙරට නාවික හමුදාවට මෙන්ම වෙරළාක්ෂක කටයුතු සදහා නෙදර්ලන්ත රජයේ සහාය ලබාදීමට සුදානම් බව නෙදර්ලන්ත තානාපතිනි ජොඈන් ඩෝන්වර්ඩ් (HE Joanne Doornewaard ) මහත්මිය පැවසුවාය.
ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී තානාපතිනිය විසින් මේ බව සදහන් කළාය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග නෙදර්ලන්ත තානාපතිනි ජොඈන් ඩොනූවැකුඩ් මහත්මිය පැවැත්වූ සාකච්ඡාව සඳහා දකුණු සහ මධ්‍යම ආසියාව වෙනුවෙන් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නෙදර්ලන්ත රාජකීය නාවික බලකායේ ආචාර්ය ඇලඩ් වෙජ්මැකර් (Dr.Drs. Allard Wagemaker MA - Colonel Royal Netherlands Marine Corps) මහතා සහ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරී පීටර් බීඒ කොස්ටර් මහතාද සහභාගීවිය.
නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අවබෝධයෙන් කටයුතු කිරිමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පෙන්වාදෙනු ලැබීය.
දිගු කාලයක සිට නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය පිළිබදව සඳහන්කල රුවන් විජයවර්ධන මහතා නෙදර්ලන්ත රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අගය කල අතර නාවික කටයුතු සම්බන්ධයෙන් නෙදර්ලන්තය අත්පත්කරගෙන ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට වැදගත්වන බවද මෙහිදි පෙන්වාදුනි.