2018 වන විට ලංකාවේ වගා කළ හැකි සියළුම භුමිය වගා කරීමට කෘෂිකර්ම අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් මෙරටට ආනයනය කරන සියළුම ආහාර භෝග ලංකාව තුළම නිෂ්පාදනය කිරීමේ ඉලක්කයක් තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
සමාජ ආරක්ෂණ හා කෘෂිකර්මය : දාරිද්රතා චක්‍රයෙන් මිදීමට යන තේමාවෙන් ලෝක ආහාර දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබද තාක්ෂණ ආයතනයේදී මේබව පැවසීය.