www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කර්මාන්තයේ නිරතව සිටියදී ශ්රී ලංකා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් 38ක් අද (04දා) නිදහස් කර ඉන්දියානු රජයට භාරදුන් බව ශ්රී ලංකා නාවික හමුදා මාධ්ය අංශය සඳහන් කරයි.
ඒ අනුව ධීවරයන් නිදහස් කිරීම කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදුකෙරුනු අතර ඒ සඳහා ශ්රී ලංකා නාවික නෞකා රණවික්රම නෞකාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 43 වේග ප්රහාරක යාත්රාව සහභාගී වූ අතර මෙම ධීවර පිරිස රැගෙන යාම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘අයුෂ්’ නෞකාව ද පැමිණ තිබූ බව නාවික හමුදාව පවසයි.
මෙම ධීවර පිරිස පසුගිය මාර්තු මස 20 වන දින මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ අතර මීට පෙර මෙලෙස අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් 136 නිදහස්කර ඇති බවත් ඒ අනුව සමස්ථයක් වශයෙන් ඉනදීය ධීවරයන් 174ක් මෙම වසර තුළ නිදහස් කර ඇති බවත් නාවික හමුදා මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd