www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කර්මාන්තයේ නිරතව සිටියදී ශ්‍රී ලංකා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් 38ක් අද (04දා) නිදහස් කර ඉන්දියානු රජයට භාරදුන් බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව ධීවරයන් නිදහස් කිරීම කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදුකෙරුනු අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 43 වේග ප්‍රහාරක යාත්‍රාව සහභාගී වූ අතර මෙම ධීවර පිරිස රැගෙන යාම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘අයුෂ්’ නෞකාව ද පැමිණ තිබූ බව නාවික හමුදාව පවසයි.
මෙම ධීවර පිරිස පසුගිය මාර්තු මස 20 වන දින මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ අතර මීට පෙර මෙලෙස අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් 136 නිදහස්කර ඇති බවත් ඒ අනුව සමස්ථයක් වශයෙන් ඉනදීය ධීවරයන් 174ක් මෙම වසර තුළ නිදහස් කර ඇති බවත් නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd