ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති ට්රාන් දායි ක්වාන්ග් මහතා අතර සාකච්ඡා අද (17දා) වියට්නාමයේ හැනෝයිහීදී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඊයේ (16දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනෝයි නුවර පිහිටි ගුවන්තොටුපළට පැමිණි අතර, එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස එරට අග්‍රමාත්‍යවරයා ඇතුළු වියට්නාම විදේශ කටයුතු අමාත්‍යංශයේ පිරිසක් විසින් පිළිගනු ලැබීය.