අද (01දා) සිදුකළ කැබිනට් සංශෝධනය ආණ්ඩුවේ අවසන් කැබිනට් සංශෝධනය බවට පත්විය යුතු බව තම තීන්දුව යැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
නව කැබිනට් සංශෝධනයෙන් පසුව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“මේක අවසන් සංශෝධනය විය යුතුයි කියලයි මගේ තීන්දුව. ආයේ කැබිනට් සංශෝධනයක් ගැන මේ කාලය තුළ කතා කරන එක හොඳ දෙයක් නෙමෙයි” යැයි ප්‍රකාශ කළේය.