මෙම මස 24දා සිට දිවයිනේ දකුණු අර්ධය ආශ්‍රිතව වැසි තත්ත්වයේ නැවත වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය එලෙසම පවතින බව එම නිවේදනයේ දැක්වේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදය කාලයේ මිහිඳුම් සහිත කාලගුණික තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කරන බව එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.