දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය ජුනි මස 10වන දිනෙන් පසු තාවකාලිකව අඩුවීමක් සිදුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (08දා) සඳහන් කරයි.
මේ අතර අද බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව බදුල්ල, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හී පැ.කි.මී. 50ක් දක්වා තද සුළං අපේක්ෂා කළ හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.