(UPDATE) භාරතීය ජනතා පක්ෂය මුල සිටම අනාවැකි පළ කළ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණය තමන් වෙත ලැබෙමින් පවතින බව භාරතීය ජනතා පක්ෂය පවසන්නේ, මෙය ජනතාවගේ විජයග්රහණයක් බව අවධාරණය කරමිනි.
භාරතීය ජනතා පක්ෂයේ සභාපති රාජ්නාත් සිං මෙය ඉන්දියාවේ නව යුගයක ඇරඹුම ලෙස අර්ථ කථනය කර ඇත.
මෙතෙක් ගණනය කළ ඡන්දවලට අනුව භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් මහ මැතිවරණයට තරග කළ විපක්ෂ කණ්ඩායම ඉදිරියට පැමිණි ඇති අතර, එය පසුගිය වසර 30ක කාලය තුළ ඉන්දියාව තුළ පක්ෂයක් ලබන දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයක් වනු ඇති බව පැවසෙයි.
නිල නොවන ආරංචි මාර්ගයන්ට අනුව ආසන 272 කට වැඩි සංඛ්‍යාවක් තනිව දිනාගැනීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂයට ඇති බව කියැවෙයි.
මේ අනුව අනිකුත් පක්ෂවල සහායක් නොලබා තනි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවද භාරතීය ජනතා පක්ෂයට හිමි ඇති අතර, දශක කිහිපයක් කොංග්‍රසය පාලනය කළ ඉන්දියාවේ සුක්ඛානම භාරගැනීම සඳහා ඔවුන් දැනටමත් සූදානමින් සිටියි.
මේ අතර, ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස පත්වීමට නියමිත භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩි තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනතාව ඇමතිය.
තමන් නියෝජනය කරන ගුජරාට් ප්‍රාන්තයේදී සිය ආධාරකරුවන්ට ස්තූති කරමින් මෝඩි කියා සිටියේ ඔවුන් ඉන්දීය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියා ඇති බවය.
එමෙන්ම, ජයග්‍රහණය සැමරීමට සුදානම් වන භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයද සැණකෙළියක සිරිගෙන ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මේ අතර, මෙවර මහ මැතිවරණයෙන් තම පක්ෂය පසුබැස ඇති බව දශකයකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කළ කොංග්‍රසය පිළිගෙන තිබේ.
“නිහතමානීව ජනතා තීන්දුව පිළිගන්නවා” යැයි කොංග්රස් පක්ෂයේ ප්‍රකාශක ශකීල් අහමඩ් කියා සිටියේ ය.
ඉන්දීය ලොක් සභාවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය තවම නිකුත් වී නැත.
භාරතීය ජනතා පක්ෂයේ අති විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයත් සමග එහි නායක නරේන්ද්‍ර මෝඩිට දුරකතනයෙන් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දියාවේ නව නායකයාට සුබ පතමින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ආරාධනයක්ද කළේය.