මෙගාපොලිස් යන නාමය සඳහා සිංහල සහ දෙමළ නාමයක්, නිල ලාංඡනයක්, ත්‍රිමාණ ආකෘතියක්, ආලේඛ්‍ය චිත්‍රයක් තෝරාගැනීම සඳහා මහජනතාව අතරින් තරගයක් පවත්වා මුදල් ත්‍යාග ලබාදෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී රණවක මහතා අද(01දා) පැවසීය.
හොඳම නාමය සඳහා රුපියල් ලක්ෂයක්ද,ලාංඡනය සඳහා රුපියල් 250,000ක්ද,ආලේඛ්‍ය චිත්‍රය සඳහා රුපියල් ලක්ෂයක්ද,ත්‍රිමාණ ආකෘතිය සඳහා රුපියල් ලක්ෂයක්ද ලබාදෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ බස්නාහිර මහානගර නම්තැබීමේ උලෙළ යටතේ මෙම තරගය පවත්වන බැවින්, මේ මස 31 වැනිදාට පෙර තමන්ගේ නිර්මාණ ලබාදෙනලෙසයි.