මෙගාවොට් 870ක විදුලිබල නිෂ්පාදනයක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සූදානම් බවත්, ස්වාභාවික ද්‍රව වායු පළමුවැනි ටෙන්ඩරය විවෘත කිරීමට හැකි වූ බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15දා) දෙහිවල ප්‍රදේශයේ ඉදිවෙන බෙදාහැරීම් කලාප අංක 04 මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
පළමු වතාවට සූර්ය බලය සඳහා මෙගාවොට්එක බැගින් ස්ථාන 20 ක් සඳහා අමාත්‍යාංශය විසින් මිලගණන් කැඳවූ අතර, ඒ අනුව රුපියල් 23.10ට මෙතෙක් මිලදීගත් සූර්ය බල ඒකකයක් වෙනුවෙන් අවම මිල රුපියල් 12.73 දක්වා අඩුකරගැනීමට හැකියාව ලැබූ බවත් අමාත්‍යවරයා කීවේය. ඒ අනුව එහි සාමාන්‍ය මිල රුපියල් 17.01 දක්වා අඩුවී ඇතැයිද ඔහු කීය.