රාජ්‍ය මාධ්‍ය සිය චරිතය ඝාතනය කළ බවත්, එය සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමන් ආණ්ඩුවට එක්වන බවට රාජ්‍ය මාධ්‍ය හරහා සිදුකළ ප්‍රකාශය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
"අද වැනි ජනපතිවරණය පැවැත්වෙන දිනයකදී රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන මා පිළිබඳව අමූලික බොරුවක් රටට ප්‍රචාරය කරමින් යනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක වන මම මහින්ද රාජපක්ෂ නම් අපේක්ෂකයාට මගේ සහාය ලබාදෙනවා කියලා රාජ්‍ය මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබා දී තියෙනවා.
සරලව කියනවා නම් අපේ රටේ ජනතාවට කියන්න කැමතියි මේක ටොම් පචයක්. වර්තමාන රජය මේ වගේ දේ ක්‍රියාත්මක කිරීම තුළින් අපේ රටේ ප්රජාතන්ත්රවාදය කෙලෙසලා හමාරයි.
පැහැදිලිවම මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, මාගේ හෘද සාක්ෂියට විරුද්ධව රාජ්‍ය මාධ්‍ය මේ වගේ මගේ චරිතය ඝාතනය කිරීම අශෝභන ක්‍රියාවක්."යැයි සජිත් මහතා පවසා සිටියි.