කන්කසන්තුරේ නගරයට මුහුදු සැතපුම් 10ක් පමණ දුරින් වන මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් කිලෝ පහමාරක් පමණ සොයාගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. පාවෙමින් තිබූ ගමන් මල්ලක මෙම හොරොයින් තොගය තිබී ඇත. මෙහි වටිනාකන රුපියල් කෝටි 5.5කට අධික වෙයි. උතුරු නාවික විධානයට අයත් වෙරළ ආරක්ෂක යාත්රාවක් විසින් කුඩු තොගය සොයාගෙන තිබුණි.