වැල්ලවත්ත දුම්රිය පාලමේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදය තවදුරටත් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ හේතුවෙන් කොළඹ කොටුව සහ ගල්කිස්ස අතර දුම්රිය ධාවනය කෙරෙන්නේ එක් මාර්ගයක පමණක් බවත් පාලමේ අලුත්වැඩියා කටයුතු හෙට දක්වා සිදුකෙරෙන බවත් පාලක මැදිරිය පැවසීය.