ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, මාතර සහ කොළඹ හරහා මන්නාරම දක්වා වන ගැඹුරු හා නොගඹුරු මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං හා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පැ.කි.මි. 70-80 දක්වා සුළං ඇතිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි.