බෙංගාල බොක්ක ප්‍ර‘දේශයේ පැවැති චන්ඩ සුළි කුණාටුව අද (12දා) සවස උතුරු ඉන්දියාවේ තමිල්නාන්ඩු ප්‍ර‘දේශයෙන් එරට ගොඩබිමට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා මන්නාරම් බොක්ක හා යාපනය අර්ධද්වීපය මුහුදු ප්‍ර‘දේශවල මුහුදු රළ උස්විය හැකි බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
මීට අමතරව මන්නාරම, කන්කසන්තුරේ හා ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක්, 80ක් දක්වා ඉහළයා හැකි බවද ඇය පවසා සිටියාය.
කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට මුහුදු තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වාත් ඉහළයා හැකි නිසා සියලුම නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ජයසේකර මහත්මිය පවසා සිටියාය.
මෙම තත්ත්වය හෙට (13දා) දිනය තුළද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.