ආසියානු නෞකා ගමනාගමනය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ කලාපීය සහයෝගීතා සමුළුවේ (ReCAAP) 10 වන සංවත්සරය රටවල් 20 ක නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිංගප්පූරුවේදී පවත්වනු ලැබීය.
එම සමුළුව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කටයුතු කල අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එම සමුළුව සඳහා සහභාගී විය.
මුහුදු කොල්ලකෑම් හා අවි ජාවාරම් වැළැක්වීම සඳහා පියවර ගැනීමට ආසියාතික රටවල් අතර පිහිටුවන ලද පළමු සමුළුව මෙය වන අතර, වර්තමානය වන විට රටවල් 20 ක්මෙම සමුළුව සඳහා අත්වැල් බැදගෙන සිටී. සිංගප්පූරු රජයේ සත්කාරකත්වයෙන් පවත්වන ලද 10 වන සංවත්සර සමුළුවේදී නෞකා ගමනාගමනය සහ සාගර ආරක්ෂාව පිළිබඳව පර්යේෂණ හා විශ්ලේෂණ හැකියාවන් ගොඩනැංවීම සහ සහයෝගීතාවය වැනි කටයුතු සම්බන්ධයෙන් ලොව අනෙකුත් සංවිධානයන් සමඟ කටයුතු කිරීම පිළිබඳව මෙහිදී ප්රසංශාවට ලක්විය.
ආසියානු කළාපීය නෞකා ගමනාගමනයට මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ සන්නද්ධ මංකොල්ලකරුවන්ගෙන් එල්ලවී ඇති තර්ජන වර්ධනය වීම පිලිබඳව මෙම සමුළුවේදී විශේෂ අවධානයක් යොමුවිය. එම තර්ජන මර්ධනය කිරීමට කඩිනමින් ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡා කෙරිනි. ReCAPP සංවිධානයට අයත් රටවල් සමීපව තොරතුරු හුවමාරු කර ගනිමින් කටයුතු කල යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිනි.