ඔලුතුඩුවායි ප්රදේශයේ නීතිවිරෝධී ලෙස ප්රවාහනය කරමින් සිටි මුහුදු ඌරුමස් සමග පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (09දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකළ අතර, එහිදී මුහුදු ඌරුමස් කිලෝග්රෑම් 82 ක් සහ තියුණු අවි 03ක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස හා භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.