ඇවන්ට් ගාඩ් සමාගමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසුව මාස 15කදී නාවික හමුදාව රුපියල් බිලියන 3ක ආදායමක් උපයා තිබේ. එම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැලසීම නාවික හමුදාවට බාර දුන්නේය. මෙම පහසුකම් කොළඹ සහ ගාල්ල යන මෙහෙයුම් මධ්‍යස්ථානයන් මගින් සිදුකරගෙන යයි.