නීතිවිරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 40ක් පමණ දකුණින් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර කුඩා ගැහැනු ළමයින් දෙදෙනෙකු, කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් කාන්තාවක සහ පිරිමි 12 දෙනෙකු සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.
පසුගිය 01 වැනි දින වින්දන 3 නමැති බහුදින යාත්‍රාවෙන් මෙම පිරිස මීගමුව ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති අතර, අත්ඩංගුවට ගත් මෙම පිරිස නාවික හමුදාවේ පී. 414 යාත්‍රාවේ සහාය ඇතිව ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලීසිය වෙත භාරදී ඇත.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්/රවිදු දීයගහගේ