මුහුදට ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය බැහැර කරන රටවල් අතර පස්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.
රටවල් 192ක් මුල් කරගනිමින් ඉන්ටනැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව සිදුකළ සමීක්ෂණයකට අනුව අධික ලෙස ප්ලාස්ටික් සහ ඝන අපද්‍රව්‍ය මුහුදට බැහැර කරන රටවල් 20ක නාමලේඛනයක් එළිදක්වා ඇතැයිද එම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.
ලෝක පරිසර දිනය හෙට (05දා) දිනයට යෙදී තිබෙන බවත්, මෙවර තේමාව වී තිබෙන්නේ %ප්ලාස්ටික් භාවිතය නවතමු^ යන්න බවත් ඔහු පවසා සිටියේය.
පරිසරයට මුදාහරින හිස් ප්ලාස්ටික් ජල බෝතලයක් දිරාපත් වීමට වසර 450කට අධික කාලයක් ගතවන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අනුව අද දවසේ පරිසරයට මුදාහරින ප්ලාස්ටික් ජල බෝතලයක් දිරාපත් වන්නේ 2468 වසරේදී බවද රවින්ද්‍ර කාරියවසම් මහතා කියා සිටියේය.
ලංකාවේ කැළිකසළ මුදාහැරීම පොදුවේ ගණනය කිරීමේදී සෑම පුරවැසියෙකුම දිනකට කිලෝග්‍රෑම් 5.1ක් පරිසරයට මුදාහරින බවත්, එම ප්‍රමාණයෙන් ග්‍රෑම් 300ක් ප්ලාස්ටික් බවත් රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.