මුහුදක් දැක නොමැති මොණරාගල විජිත් විජයමුණු සෙයියා ඇමතිතුමාට ධීවර කටයුතු ලබාදී ඇති බවත් සරත් ෆොන්සේකා මහතාට වනජීවී ලබාදීම විද්‍යාත්මක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තංගල්ලේදී ඊයේ (02දා) මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපි දැක්කා විද්‍යාත්මකභාවය. මොණරාගල විජිතමුණි ඇමතිතුමාට ධීවර කටයුතු දීලා. මුහුදක් දැකලත් නෑ. මුහුදක් පේන තෙක් මානයක නෑ. වැල්ලක් පාගන්න හම්බවෙන්නෙනත් නෑ .
හැබැයි එක විද්‍යානුකූල භාවයක් තියෙනවා. සරත් ෆොන්සේකාට දීලා වනජීවි. එදා කලවැද්දා කියපු අයටම තමයි දැන් දීලා තිනේනේ. දැන් කැබිනට් මණ්ඩලය තෝරපු එකේ විද්‍යානුකූල බව හොයන්න වෙනම කමිටුවක් දාන්න ඕන.”