පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශය අද (21දා) ප.ව. 2.00 සිට 24 දා පෙ.ව. 8.00 දක්වා කාලයේදී මුහුදු රළ මීටර් 2.5 ත් 3.5ත් අතර ප්‍රමාණයක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව අද (21දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ධීවර හා වෙරළබඩ ජනතාව මේ පිළිබඳව අවධානයේ කටයුතු කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ඉල්ලා සිටියි.