මෙරට සමාජ ජාල මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් ඉහළ යන බවත්, ඒ අතරින් මුහුණුපොත (Facebook) භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශ අංශාධිපති ආචාර්ය ලෝචන්දක රණතුංග මහතා ප්‍රකාශ කළේය. එය ප්‍රතිශතයක් ලෙස 92.63෴ ක් වන බවද ඔහු කීය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29දා) පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී රණතුංග මහතා මේ බව කීය.පසුගිය වසර තුළ මෙරට ජනගහනය මිලියන 20.36 දක්වා වැඩි වී ඇති අතර, ජංගම දුරකථන භාවිත කරන්නන් ප්‍රමාණය මිලියන 27.40 ක් වී ඇති බවත්, එය ප්‍රතිශතයක් ලෙස 135% ක් බව සමීක්ෂණ මගින් අනාවරණය වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මෙරට අන්තර්ජාල භාවිත කරන්නන් ප්‍රමාණය මිලියන 4.79 (24%) පමණ වී ඇති අතර, සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 2.80 ක් (14%) වී තිබේ.
කෙසේ වෙතත් මෙරට ජනයාගේ සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය අතරින් ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතය ඉතා වේගයෙන් ඉහළ යන බවත්, Twitter භාවිතය 2.89% හා Google+ භාවිතය 0.74% ක් පමණ වන බවත් අනාවරණය වී ඇතැයි ආචාර්ය ලෝචන්දක රණතුංග මහතා පැවසීය. ලෝක මට්ටමේ තත්ත්වය මීට වඩා වෙනස් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
නවතම සංඛ්‍යාලේඛන අනුව මේ වසරේ ජනවාරි වනවිට ලෝක ජනගහනය බිලියන 7.4 ක් පමණ වන බවත්, ඒ අතරින් බිලියන 3.419 ක් අන්තර්ජාලය භාවිත කරන බවත් අනාවරණය වී තිබේ.
මේ අතරින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බිලියන 2.307 සිටින අතර, ලෝකයේම මේ වනවිට ජංගම දුරකථන භාවිත කරන්නන් බිලියන 3.790 ක් පමණ වන බවද නවතම සමීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.