හොරකමට, වංචාවට, දුෂණයට, නාස්තියට හා මිනීමැරුම්වලට විරුද්ධව අවංකව සහ නිවැරදිව තමන් සමග මුහුණට මුහුණ කතා කිරීමට හැකිනම් එකම වේදිකාවකට පැමිණෙන්නැයි තමා මේ රටේ ප්රධාන දේශපාලන නායකයින්ගෙන් ඉල්ලන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ ඊයේ (04) පස්වරුවේ පොළොන්නරුව, අරලගංවිල ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මෙවර මැතිවරණයෙන් ජයග්රහණය කළ යුත්තේ සොරුන් රකින පක්ෂයක් ද, සොරුන්ට දඬුවම් ලබාදීමට හැකි පක්ෂයක් ද කියා මේ රටේ ජනතාව තීරණය කළයුතු බවත් මෙවර මැතිවරණයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ජයග්රහණය කරවන ලෙස තමා ඉල්ලා සිටින්නේ තමා පුද්ගලිකව ශක්තිමත්වීමට නොව දූෂණයට, වංචාවට, හොරකමට සහ නාස්තියට විරුද්ධ තම ප්රතිපත්තිය සහ දර්ශනය ශක්තිමත් කිරීමට බවත් පැවසීය.