යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධායන විසින් වළදමන්නට ඇතැයි සැකකරන අවි අයුධ තොගයක් ඊයේ (19දා) යාපනය, මුහමාලෙයි ප්රදේශයේ වළදමා තිබියදී සොයාගත් බව පලෙයි පොලීසිය පවසයි.
බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින කණ්ඩායමකට මෙම අවි තොගය හමුවී ඇති අතර, එම අවි අයුධ තොගය බැරලයක දමා වළදමා තිබියදී සොයාගෙන තිබේ.
ගොඩගන්නා විටත් එම ගිනිඅවි තොගය දැඩි ලෙස අබලන් තත්ත්වයේ තිබූ බවත්, අවි අයුධ තොගය අතර ටී-56 බඳ නොහොත් බැරල් 80ක් හා ටී-56 ටිගර්ගාඩ් කොටස් 56ක් තිබී ඇත.
මෙම ආයුධ තොගය පිළිබඳව පලෙයි පොලීසියට දැනුම් දීමෙන් පසුව පලෙයි පොලිස් නිලධාරීන් පැමිණ අදාළ ආයුධ තොගය රැගෙන ගොස් ඇති අතර, ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.