ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් හි මුස්ලිම් සිසුන්ට බලපාන සංස්කෘතික සහ භාෂාමය ගැටලු පවතින බව මුස්ලිම් සරසවි ශිෂ්‍ය සංවිධාන පවසා ඇති බව බී.බී.සී.ය පවසයි.
ඔවුන් මේ බව බී.බි.සී. සංදේශයට කියා ඇත්තේ විශ්වවිද්‍යාල දහතුනක මුස්ලිම් ශිෂ්‍ය සංවිධාන එක් වී උසස් අධ්‍යාපන ඇමතිවරයා හමුවීමෙන් අනතුරුවයි.
මෙම හමුවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති හසීබ් මරික්කාර් කියා ඇත්තේ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරු සිසුන්ට සිංහල භාෂාවෙන් පැවැත්වෙන දේශන තේරුම් ගැනීම අපහසු බවයි.
“සමහර දේශන සිදුවන්නේ සිංහල මාධ්‍යයෙන්. එතකොට දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත් සිසුන්ට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි ඉල්ලීමක් කලා එක්කෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් දේශන පවත්වන්න, නැතිනම් සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්න පත්රවලට පිළිතුරු සපයන්න අවසර දෙනව නම් දෙමළ මාධ්‍යයෙනුත් පිළිතුරු ලියන්න අවසර දෙන්න කියල.” ඔහු පැවසීය.
සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත් සිසුන්ට පමණක් එම භාෂාවෙන්ම පිළිතුරු ලිවීමට අවසර දීම නිසා දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත් සිසුන්ට ලකුණු ලබාගැනීමේදී අසීරුතාවකට මුහුණ දීමට සිදුවන බවද ඔහු තවදුරටත් කියා ඇත.
මීට අමතරව සිකුරාදා දිනයන් හි යාඥා පවතින වේලාව ඇතුළත විභාග පැවැත්වීම පිළිබඳවත් යාඥා කිරීම් සඳහා විශ්වවිද්‍යාලය තුළ නිසි ස්ථානයක් නොමැති වීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර ඇති බවද කියයි.
“සිකුරාදා යාඥා කරන වෙලාවට විභාග දැම්මම පරක්කු වෙලා විභාගෙට එන්න වෙන්නේ. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයවත් ඒ වෙලාවට දාන්නේ නැහැ. ඒත් සමහර කැම්පස්වල එහෙම කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සිකුරාදා යාඥා කෙරෙන කාලය අතරතුර විභාග හෝ දේශන නොපැවැත්වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛණ සම්පාදනය කිරීමට උසස් අධාපන ඇමතිවරයා එකඟ වූ බවද ඔහු බී.බී.සීයට පවසා ඇත.
මීට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් හැකි තරම් දේශන පැවැත්වීමටත්, සිංහලෙන් පිළිතුරු ලිවීමට අවසර ලැබෙන ප්‍රශ්න පත්‍ර සඳහා දෙමළ භාෂාවෙනුත් පිළිතුරු ලිවීමට අවසරය ලබාදීමට අනුමැතිය ලබාදෙන බවත් උසස් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළ බවද කැලණිය විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා පැවසූ බව බී.බී.සී.ය වැඩිදුරටත් කියයි.