පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට හා ක්‍රිස්තියානි ජනතාවට සිදුවූ අකටයුතුකම් සෙවීම සඳහා කොමිසමක් පත්කරන ලෙස සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ පාරලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා හා බස්නාහිර පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි මහතා එක්ව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.
එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලය තුළ සුළු ජාතීන්ට සිදුවන අකටයුතුකම් නිමාවනු ඇති බවට විශ්වාස කරන බවත් ඔවුහු පවසති.
මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාල සීමාවේදී සිදුවූ බේරුවල හා අලුත්ගම සිදුවීම් සඳහා යුක්තිය ඉටුනොවු බවත් ඔවුහු සඳහන් කරති.