සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී තිබේ.
පෞද්ගලික හේතුවක් මත අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූවද ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්රමුඛ වත්මන් ආණ්ඩුවට උපරිම සහය ලබා දෙන බවත් මුස්තාපා මහතා සඳහන් කළේය.
එක්පවුලක් වටා බලය කේන්ද්‍රගතවීම වෙනුවට පැතුරුණු ප්රජාතන්ත්රවාදයක් සහිත පාලනයක් නිර්මාණය වී තිබෙන බැවින් එය ආරක්ෂා කිරීම තමාගේද වගකීමක් බව හෙතෙම කියා සිටියේය.