(UPDATE) 12.20 PM
පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට මිලියන 61කට අධික අලාභයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැවතත් එළැඹෙන අගෝස්තු 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (27) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ඔහුගේ නීතිඥයන් විසින් මුසම්මිල් මහතාට ඇප ලබාගැනීමට අදාළව ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.