මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළදී එච්.අයි.වී. ආසාදිතයන් 91 දෙනෙකු හමු වී ඇතැයිජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
පසුගිය වසරේ මෙම කාලය තුළදී හමු වී තිබෙන්නේ එච්.අයි.වී. ආසාදිතයන් 75 දෙනෙකු පමණක් බවද එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඩිලානි රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.
මේ වසරේ පළමු මාස 03ක කාලය තුළ හමු වූ එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 39 දෙනෙකුට පිරිමි සමලිංගික සම්බන්ධතා මත එච්.අයි.වී.ආසාදනය වීඇතැයි තහවුරු වී තිබෙන බවද පවසා සිටියාය.
පොදුවේ මේ වසරේ පළමු මාස තුන හා පසුගිය වසරේ පළමු මාස තුන සැසඳීමේදී මේ වසරේ පළමු මාස තුළදී එච්.අයි.වී.ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවද අධ්‍යක්ෂවරිය කියා සිටියාය.
මීට අමතරව පිරිමින් අතර ඇතිවන සමලිංගික සම්බන්ධතා මත එච්.අයි.වී.ආසාදනය වැඩිවීමක්ද දක්නට ලැබෙන බවත්,එමනිසා මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජාතික වැඩපිළිවෙළක් රටතුළ ක්‍රියාත්මක කර තිබෙන බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
තම ව්‍යාපාරය විසින් පවත්වනු ලබන වැඩසටහන්වලට අනුව මේ වනවිට මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනය වීමේ තත්ත්වයන් ඇති නොවන බවත්, මේ වසරේ ගෙවීගිය මාස තුනක කාලය තුළදී එවැනි රෝගීන් හමු වී නොමැති බවත් ඒ මහත්මිය පවසා සිටියේය.
ඒ අනුව මෙරට මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනය වීම වැළැක්වූ රටක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගැනීම සඳහා අවශ්‍ය දත්ත මේ වසර අවසානයේදී ලබාදෙන බවද ඇය කියා සිටියාය.