පෙරවාරි 28 වන දින පැවැත්වීමට නියමිත මුලතිව් දිස්ත්රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ පවතින්නේ අඩු උනන්දුවක් බව කැෆේ සංවිධානය පවසයි.
එසේම ජනතාව තුළ ද මැතිවරණය සම්බන්ධයෙන් උනන්දුවක් නොමැති බව නිරීක්ෂණය විය.
උතුරු පළාත් සභා මැතිවරණයට පැවැති 2011 වසරේදී මුලතිව් දිස්ත්රික්කයේ මෙම මැතිවරණයේ යළි පදිංචි කිරීම් සම්පුර්ණ කර නැති බව සඳහන් කරමින් අධිකරණය වෙත ගොනු වු පෙත්සමක් නිසා මෙම ප්රාදේශිය සභා දෙකෙහි මැතිවරණය පැවැත්වීම අත්හිටවනු ලැබිණ.
මෙම පෙත්සම ඉල්ලා අස්කරගැනීමෙන් පසුව අධිකරණය විසින් මෙම ප්රාදේශිය සභා දෙකෙහි මැතිවරණය පෙබරවාරි 28 වන දින පැවැත්වීමට අවසර ලබාදුන්නේය.