රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් දෙදෙනෙක් වන මුරුගන් හා නාලනී යන දෙදෙනාට සමාව දෙන ලෙස ඔවුන්ගේ දුව වන හරිතා, රාහුල් ගාන්ධිගෙන් ඉල්ලා ඇත.
ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය හා විද්යුත් තැපැල් සංවාදයකට එක්වෙමින් හරිතා ඉහත අදහස් ප්රකාශකර ඇත.
නාලිනී, රජිව් ගාන්ධි ඝාතනයෙන් චෝදනා ලැබව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ අතර එහිදී ඇය හරිතා මෙලොවට බිහි කරනු ලැබීය. හරිතා වර්තමානයේ එංගලන්තයේ සිය උපාධිය සම්පුර්ණ කරමින් සිටියි.
“මම දන්නවා ආදරය කරන හිතවතෙකු අහිමි වූණාම දැනෙන දේ. මමත් ඒ වේදනාව විදිමින් ඉන්නේ. මගේ දෙමව්පියන් අහිංසකයි. ඔවුන් වසර 23ක් තිස්සේ දුක් විදිනවා. රාහුල් ගාන්ධිගෙන් මම බොහොම අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මගේ දෙමාපියන් නිදහස් කරන්න කියලා.” යැයි හරිතා සඳහන් කරයි.