ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මුදල් ප්‍රතිපාදන ගැටලුවක් කර නොගෙන අවශ්‍ය පරිදි එම ජනතාවගේ සුබසාධන කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ජල ගැලීම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (19දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වමින් මෙම අදහස් පළ කර තිබේ.
එහිදී, ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවල ජනතාව මුදාගැනීමේ කටයුතු, අවතැන් වූ ජනතාව රඳවා තබා ගැනීම මෙන්ම, ඔවුන්ගේ ආහාරපාන අවශ්‍යතා සපුරාදීම ඇතුළු සුබසාධන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.