මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී 88කගේ අත්සනින් යුතුව මෙම විශ්වාසභංගය කතානායකවරයාට බාර දී ඇත.
මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, මේ සඳහා මුලින්ම මන්ත්‍රීවරු 99 දෙනෙක් අත්සන් කළ බවත්, වත්මන් ආණ්ඩුවේ තනතුරු දරණ බැවින් 11 දෙනෙකුගේ නම් ඉවත් කිරීමට සිදුවූ බවත්ය.
කෙසේ වෙතත් බාරදුන් නාමලේඛණයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් තිබෙන බවත් ඔහු කීවේය.