බන්ධනාගාර ගතවන මුදල් බලය ඇති සියල්ලන්ටම බන්ධනාගාර රෝහල තුළ නවාතැන් ලබාදීමට එහි වෛද්‍යවරුන් කටයුතුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. සිරගත කෙරෙන දේශපාලනඥයන් පමණක් නොව මුදල් බලය ඇති පාතාල නායකයන්ට ද ඒ අනුව රෝහල්ගතවීමට ඉඩලබාදී ඇති බැවින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා දීමට තීරණය කළ බව අමාත්‍යවරයා කීවේය. අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියේය.