බැඳුම්කර වංචාවන් සිදු කළ එක්සත් ජාතික පක්ෂය හා ලේ පිපාසිත දේශපාලනයෙන් යුතු මහින්ද රාජපක්ෂ පාලනයත් අතර මුදලට ආත්මය පාවා නොදී ඉතිරිව ඇත්තේ වාමාංශිකයන් පමණක් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
බත්තරමුල්ල පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"පාලක පන්තියේ බලවේග කියන සියලු දෙනා කුණු වෙලා විනාශ වෙලා. තවදුරටත් කිසි කෙනෙක් පිළිගන්නේ නෑ ඒවා විකල්ප කියලා. දැන් මිනිස්සුන්ට පිළිගන්න තියෙන පාලක පන්තිය පැත්තෙන් විකල්ප කිවුවොත් බැඳුම්කර වංචාව වහගන්න රාජ්‍ය බලය පාවිච්චි කරපු එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශ්වය ඉන්නවා එක පැත්තක. අනිත් පැත්තේ ඉන්නවා පසුගිය කාලයේම ජනතා මුදල් කොල්ල කෑම් සම්බන්ධ, මිනී මැරුම්වලට සම්බන්ධ, ඒ වගේම ඉදිරියේදීත් එහෙම තමයි කරන්නේ කියලා කියා ගත්ත මහින්ද රාජපක්ෂ පාර්ශ්වය. ගෝඨාභය මහත්තයා කියනවා 'මාපිලා' ලකුණින් හරි තරග කරලා දිනනවා කියලා. එයාට මතක් වෙන්නේ මිනී මෝරු, මාපිල්ලු. ලේ පිපාසිත දේශපාලනයක් කළේ. හැමෝම හොරුත් එක්ක හෙලුවෙන් ඉන්නේ" යැයි පැවසීය.