වරෙන්තු ලැබ සිටින නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (26දා) සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් සමාගමකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවෙයි.
ඔහු හා තවත් පුද්ගලයින් තිදෙනෙක් මෙසේ විදේශගතව සිටිති.
වඳුරඹදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවකට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් උසාවි ගෙන යන අතරමගදී පැහැර ගැනීමේ චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් මීට දින කිහිපයකට පෙර පොලිස්පති මගින් වරෙන්තු නිකුත් කර තිබිණි.