වත්තල ප්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියකින් තොරව මුතුරාජවෙල ප්‍රදේශයේ අක්කර 12 ක් අනවසරයෙන් ගොඩකිරීමට මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කටයුතු කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ සම්බන්ධව නීති අංශ ඇතුළු අදාළ පාර්ශ්වයන්ට දැනුම් දුන්නද ජෝන් අමරතුංග මහතාගේ බලපෑම් මත කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මේ මස 05 වැනිදා සිට මුතුරාජවෙල අල්විස් පෙදෙස ඇතුළු ඒ අවට පිහිටි වගුරු බිම් ගොඩකිරීමට ටිපර් රථ 100 කට වඩා යොදාගෙන තිබෙන බවත්, ජෝන් අමරතුංග මහතාගේ ආධාරකරුවන් කළු පැහැති ඩිපෙන්ඩර් රථවලින් එම ප්‍රදේශයේ එහාමෙහා ගමන් කරමින් ප්‍රදේශවාසීන් බිය වැද්දවීමට පටන් ගෙන ඇති බවත් රණතුංග මහතා පවසා සිටියේය.