මුතුරාජවෙල අධිසංවේදී පරිසර පද්ධතියට කොළඹ කැළි කසළ ගෙනැවිත් දැමීම වළක්වා ගැනීමට හෙට (09දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව සදාහරිත පරිසර හා සුභසාධක සංගමය සඳහන් කරයි.
අතිසංවේදී පරිසර කලාපයට දෛනිකව කැළි කසළ මෙට්රික් ටොන් 800 බැහැර කරන බවද එම සංගමයේ සභාපති බී. අයි. ආබදින් මහතා සඳහන් කළේය.
මෙම පැමිණිල්ල මගින් ආයතන 12ක් වගෝත්තරකරුවන් කරන බවද හෙතෙම පවසා සිටියේය.