ජනතාවට වගකියන දේශපාලඥයෙකු නම් බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් තමා දන්නා සියලු කාරණා ප්‍රකාශ කරන ලෙස තමා උදය ගම්මන්පිල මහතාට අභියෝගකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පැවසීය.
බොදුබල සේනාවගැන බොරු ප්‍රකාශ කළොත් ඇත්ත එළියට දානවා කියමින් උදය ගම්මන්පිල මහතා පවසන්නේ ඔහු බොදුබල සේනාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිසාදැයි හෙතෙම ප්‍රශ්න කළේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
“ජාතිවාදය, ආගම්වාදය ලෝකයේ හැමරටකම තිබෙනවා. නමුත් ඒදේවල් කරන්නේ ඉතාම සුළු පිරිසක්. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලයේ තමයි මේ රටේ ජාතිවාදයට මුදල් දීලා දේශපාලන රැකවරණය ලබාදුන්නේ. ඒනිසා එතුමා කරපු මේ විනාශයට මහින්ද රාජපක්ෂ මහත්තයා ජාතියෙන් සමාව ගතයුතුයි. ඔවුන් තමයි ජාතිවාදයේ උරුමක්කාරයෝ.
බොදුබල සේනාවගැන බොරු ප්‍රකාශ කළොත් ඇත්ත එළියට දානවා කියලා උදය ගම්මන්පිල මහත්තයා කියලා තියෙනවා. එයා හරියට බොදුබල සේනාවේ මාධ්‍ය ප්රකාශකවෙලා. මෙයා ඡන්දෙ ඉල්ලුවේ මහා සත්‍යවාදී දේශප්‍රේමියා විදිහට ජනතාවගෙන් රුපියල් 100 ගානේ එකතු කරලා ජනතාවට වගකියනවා කියලා. එහෙම කියපු කෙනා අද කියන දේවල් පේනවා නේද. ජනතාවට වගකියන දේශපාලඥයෙක් නම් ගම්මන්පිල මහත්තයට ඇත්ත එළියට දාන්න පුළුවන්නේ. එයා ඇත්ත කතාකළ යුතුයිනේ. ඇයි මොකද්ද මේ වහන්නේ. අපි අභියෝගකරනවා පුළුවන්නම් මේ ඇත්තටික එළියට දාන්න කියලා. එතකොට අපට ඇත්ත මොකක්ද කියලා බලාගන්න පුළුවන්.” යනුවෙන්ද කියා සිටියේය.