කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ අමිපිටිකන්ද වතුයාය පසුගිය 20 දින රාත්‍රියේ පැවැති අධික වර්ෂාව නිසා යළි නාය යාමේ අවදානමකට ලක්ව තිබෙන අතර එහි පදිංචි පවුල් 11 කට අයත් පුද්ගලයන් 28 දෙනෙකු අමිපිටිකන්ද දෙමළ විදුහලට ආරක්ෂිතව මාරුකර ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
නාය යාමේ අවදානම අවම කිරිම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ යුද සෙබලුන් යොදා ගෙන වැසි ඡලය ක්‍රමවත්ව ගලා යාමට අවශ්‍ය පියවර ගනිමින් තිබේ.
ඌව පරණගම - අර්නි දඹදෙණිය