මීතොටමුල්ල කුණුකන්ද නායයෑම නිසා පුද්ගලයන් 07 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව කොලොන්නාව කුණු කන්දට එරෙහිව ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
මළ සිරුරු 33 ක් ලැබී තිබෙන බවත් එහෙත් තවත් 07 දෙනෙකු අතුරුදන් බවද එම සංගමයේ සංවිධායක නුවන් බෝපගේ මහතා සඳහන් කළේය.
මීතොටමුල්ල කුණු කන්ද නායයෑම නිසා අතුරුදන් වුවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවද ත්‍රිවිධ හමුදාව සඳහන් කළේය.