මීතොමුල්ල ප්‍රදේශයේ විනාශයට පත් නිවාස වෙනුවෙන් ලක්ෂ 25ක උපරිමයකට යටත්ව වන්දි ලබාදෙන බව සඳහන් කළද රජයෙන් ලබා දෙන නිවසක වටිනාකම ලක්ෂ 45ක් බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුරප්රියදර්ශන මහතා සඳහන් කළේය.
ලක්ෂ 45ක වටිනාකමින් යුත් නිවාස 98ක් මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බවත්, මියගිය පිරිස්වලට වන්දි ලබාදීමේදී රජයේ චක්‍රලේඛවල සඳහන් මුදලට වඩා වැඩියෙන් මුදල් ලබාදීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව සිදුවූ දේපොළ හානිය ගණනය කිරීමට සිදුකරන තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මැදිහත්වීම මත විශේෂ මුදල් පැකේජ ක්‍රම යටතේ මුදල් ලබාදීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.